728x90 AdSpace

Latest News
Friday, 22 January 2021

ලංකාවේ පතුළ නැති ළිඳ ඇතුළින් පොලිතින් සහ ප්ලාස්ටික් හමුවෙයි - මුල්වරට වීඩියෝ දර්ශනයන් මඟින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ යාපනයේ නිරාවල් ප්‍රදේශයේ ඇති සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ‘පතුළ නැති ළිඳ’ ලෙස හැඳින් වූ ළිඳ පත්ළේ ඇති දේවල් වීඩියෝ ගත කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ.

මෙලෙස ළිඳ පත්ළ වීඩියෝ ගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රිය පුරාවිද්‍යාඥයන් පිරිසක් සහ ලෝකප්‍රකට  ගුහා කිමිදුම්කරුවෙකු වන රුසියානු ජාතික වසීලි මහතා ඇතුළු පිරිසක් විසිනි.

මෙහිදී මෙම ළිඳ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරුණු කිහිපයක සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමටද මෙම පරික්ෂකයන් කණ්ඩායම සමත්ව තිබේ. එහිදී මෙම ළිඳත් කුදිරමලේ පොකුණක් මාතලේ දිස්ත්‍රික්කයත් දෝනා මඟින් සම්බන්ධ වන බවට තිබු මතයේ කිසිම සත්‍යතාවක් නොමැති බවත් මෙම ගවේෂණ කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණි.

මෙම ගවේෂණයට සම්බන්ධ වූ සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා සඳහන් කර සිටියේ ළිඳ ඇතුළේ මීටර් 23 ක් පමණ ගමන් කළ විට කරදිය සහ මිරිදිය වෙන්වෙන ස්ථානය පැහැදිලිව දැකිය හැකි බවයි. එමෙන්ම ගැඹුරුම ස්ථානය පිහිටාඇත්තෙ මීටර 53 ක් යටින් බව ඔවුන් සඳහන් කර සිටියි. 

ජනතාව සඳහන් කරන අන්දමට මෙම ලිද  ඇතුළේ තිබී මිනිස් ඇටසැකිලි හෝ සත්ව ඇට සැකිළි කිසිවක් හමු නොවූ බවත් ඒ වෙනුවට ළිඳ මධ්‍ය තිබී විශාල කසල ගොඩක් එහි තිබූ බවත්, ප්ලාස්ටික් බාල්දි වැනි දේවල්ද තිබූ බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන් කළ ගවේෂණය පිළිබඳව සහ පතුළ නැති ළිඳේ වීඩියෝ දර්ශනය පහතින්,
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවේ පතුළ නැති ළිඳ ඇතුළින් පොලිතින් සහ ප්ලාස්ටික් හමුවෙයි - මුල්වරට වීඩියෝ දර්ශනයන් මඟින් හෙළිවෙයි Rating: 5 Reviewed By: lakmina