728x90 AdSpace

Latest News
Friday, 8 January 2021

"නඩු තීන්දුව ලැබී ඇත්තේ, වසර 7කට පසුවයි" - දාහතර හැවිරිදි පාසල් සිසුවියකට බලහත්කාරකම් සිදු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීමට සිදු වූ දේ !

වයස අවුරුදු දාහතරක  දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරුවී දඬුවම් ලබමින් සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කරන ලද ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (07දා) ප්‍රතික්ෂේප කළේය.

අවුරුද්දකට ආසන්න කාලයක් දඬුවම් ලබමින් සිටි විත්තිකරු තමාට හිමිව තිබූ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් එය විභාග කර තීන්දුව ලැබෙන  තෙක් තමා ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
 
කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුව ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බව පවසා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 2012 වසරේ මැයි මස 23 වැනිදා සහ එම වසරේ ජුනි මස දෙවැනිදා දක්වා කාලසීමාව තුළ 14 හැවිරිදි දැරියක ලිංගික දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් යන අයට එරෙහිව පසුගිය 2013 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබිණි. 
 
එහිදී වසර 7ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 2020 ජනවාරි මස 17 වැනි දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබිණි.
 
එමෙන්ම විත්තිකරුට රුපියල් විසිපන් දහසක  දඩ මුදලක්ද අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක්ද ගෙවන ලෙසට එම නියෝගයේ සඳහන්වී තිබිණි.
 
මහජන නියෝජිතයන් මේ ආකාරයේ කටයුතුවල නිරත වීම ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන  බවත් එදින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා අධිකරණය හමුවේ  ප්‍රකාශ කර තිබිණි.
 
මව්බිම 
හංසි නානායක්කාර 
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: "නඩු තීන්දුව ලැබී ඇත්තේ, වසර 7කට පසුවයි" - දාහතර හැවිරිදි පාසල් සිසුවියකට බලහත්කාරකම් සිදු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීමට සිදු වූ දේ ! Rating: 5 Reviewed By: lakmina