728x90 AdSpace

Latest News
Sunday, 17 January 2021

ලොව වේගවත්ම කාන්තා විස්සයි විස්ස ශතකය වාර්තා කළ සොෆී ඩෙවින්, සතුට සමරන්නේ නැතිව දණින් වැටුණ හේතුව මෙන්න - (video)

ක්‍රිකට් යනු චමත්කාරය රැගත් ,ආදරය, සෙනෙහසමුසු වූ සුන්දර ක්‍රීඩාවක් බවට නවසීලන්තය හෙවත්, කිවී දේශයෙන් පසුගියදා තවත් උදාරණයක් ලොවටම ගෙන දුන්නා.
 
ක්‍රීඩාව මොහොතයට අමතක කරමින් මව් සෙනෙහස දොරේ ගලා ගිය මෙම  සිදුවීමක් වාර්තා වුණේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිටියෙන්.

නවසීලන්ත ක්‍රිකට් නායිකා සොෆී ඩෙවින් ලොව වේගවත්ම පන්දුවාර 20 ශතකයේ ලෝක වාර්තාව පන්දු 36කින් පසුගිය දා පිහිටවුයේ මෙම හයේ පහරත් සමගින්.
 
නමුත්, එම හයේ පහර නොසිතු ලෙසින් මෙම තරගය නරඹන්නට සිය මව සමගින් පිටියට ආ කුඩා දරුවකුගේ මුහුණේ වැදුණේ කිසිවකු නොසිතූ ලෙසින්.
 
ලෝක වාර්ථාවේ,සතුට සැමරීමට පසෙක දමා, තමාගේ අතින් වරදක් සිදු වූ ලෙසින් සොෆී ඩෙවින් එම අවස්ථාවේදී දනින් වැටී සිටීමටයි කටයුතු කළේ.
 
අනතුරව,තරගය මඳ වේලාවකට නතර කරමින් සිය සහෝදර ක්‍රීඩිකාවන් සමගින් පහර වැදුනු කුඩා දරුවාගේ සුව දුක් විමසීමට පිටියෙන් එළියට ගියා.
 
වාසනාවට මෙන් මෙම පහරින් කුඩා දරුවාට කිසිදු අනතුරක් සිදුව තිබුණේ නැහැ.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලොව වේගවත්ම කාන්තා විස්සයි විස්ස ශතකය වාර්තා කළ සොෆී ඩෙවින්, සතුට සමරන්නේ නැතිව දණින් වැටුණ හේතුව මෙන්න - (video) Rating: 5 Reviewed By: lakmina