728x90 AdSpace

Latest News
Friday, 22 January 2021

41 හැවිරිදි කාමාතුරයාට හසුවූ 5 හැවිරිදි දැරිය ලේ වගුරවමින්, සිහිසුන්ව කැලේ - රක්වාන ගමක් සලිත කළ අපරාධය

පසුගිය ඉරිදා එනම් 10 වැනිදා හවස හතර පසුවී විනාඩි දහයක් පමණ ගෙවී යද්දි කලබලෙන් මෙන් රක්වාන පොලිසියට ගොඩ වූ පුද්ගලයෙකු පැවසූ දෙයින් එය අසා සිටි සියලූම නිලධාරින් කම්පාවට පත් වුණා.
 
එම පුද්ගලයා පවසා සිටියේ දෙකේ කණුව, පොතුපිටිය පාරේ පදිංචි කුකුළු ගොවිපළක් පවත්වාගෙන යන පුද්ගලයාගේ දියණිය යම් කිසි පුද්ගලයෙකුගේ ලිංගික අතවරයකට ලක්ව අසාධ‍්‍ය තත්ත්වයේ පසුවන බවයි.

"දරුවාට වයස කීයද?"
 
"අවුරුදු පහයි.."
 
ඒ අනුව පොලිස් කණ්ඩායමක් අදාළ සිදුවීම සිදු වූ තැනට පැමිණියා. දැරිය දූෂණයට ලක්ව ඇත්තේ නිවසට පිටුපසින් මීටර් සියයක් පමණ දුරින් පිහිටි රක්ෂිතයක යි. නිවස පිටුපස පිහිටා ඇත්තේ තේ වත්තක්.
 
දැරියව දූෂණය කර තිබුණේ ඒ අසළ වූ තණකොල මත සතපවායි.
 
අවට තණකොළ පොඩි වී ඇති අතර දැරියගේ සිරුරින් ගලා ආ රුධිරය වැසී ජලය සමඟ මිශ්‍රව නමුත් ඉතිරිව තිබුනේ සෝබාදහමේ හාස්කමක් ලෙසයි.
 
ඒවා නැතිවී ගියේ නම් සාක්ෂිත් මැකී යනු ඇති.
 
මේ අතර එම ස්ථානයට එක්ව සිටි පිරිසෙන් පොලිසිය නොයෙක් තොරතුරු විමසන්නට වූයේ අපරාධකරු අල්ලා ගැනීමට පොටක් සාදා ගැනීමටයි.
 
"මම දැක්කා මිනිහෙක් ඔය පැත්තේ ඉඳලා යනවා.."
 
එලෙස පැවසුවේ එම ස්ථානයට ගවුරි නැමති දෙමළ ජාතික කාන්තාවක්.
 
"සර් රෝස පාට කොටු ෂර්ට් එකේ කොලර් එකෙයි තව තැන්වලයි කහ පාටින් පටි අලවලා තිබුණා. කලිසම ඩෙනිම් එකක්.."
 
ඇය කී තොරතුරෙන් තවදුරටත් තොරතුරු තහවුරු වුණා.
 
"සර් මූ අද උදේ පොලිසියට ඇවිත් ගිය කන්දයියා. මූට ස්ත්‍රී දූෂණ නඩුවක් තියෙනවා. කලින් නඩු වාරයට ආවේ නැති නිසා අද උදේ ඇවිත් ඊළඟ නඩු වාරය කවද්ද කියලා මගෙන් අහගෙන ගියා.." සැරයන්වරයෙක් පැවසුවා.
 
පොලිසිය වහා පිටත් වුණා. නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක් අසළ සිටි මොහු පොලිස් ජිප් රථය දැක එය මඟ හරින්නට උත්සහා කළා.
 
අත්අඩංගුවට ගත් මොහු මුලින්ම රැගෙන ගියේ අධිකරණ වෛද්‍යවරයා වෙතයි. ඒ වන විටත් මොහුගේ සිරුරේ මෙන්ම ඇඳුම්වලද සාක්ෂී තිබිය හැකි නිසා තවදුරටත් පමා වුවහොත් සාක්ෂි මැකී යාමට හැකි නිසයි.
 
පසුව ප්‍රශ්න කිරීම් ඇරඹුනා.
 
"සර් මම පොලිසියට ගිහින් එන ගමන් මඟදි මගේ යාළුවෝ දෙන්නෙක් බිව්වා. ඊට පස්සෙ අපේ අයියලගේ ගෙදර යන්න ගියේ. ඒ යද්දි මේ ළමයා ගේ ඉස්සරහා පාර අයිනේ හිටියා. එයා මාව දැකලා මාමේ කියලා කතා කරා. ඒ වෙලාවේ මට ළමයා ගැන ආසාවක් ඇති වුණා. ටොෆි අරගෙන දෙන්නම් කියලා තමයි මම ළමයව කැළෑවට අරන් ගියේ.."
 
ඔහු එලෙස හෙළිකරන්නට වූ අතර මොහු තෙමී තිබුණේ දැරියට අතවර කර අවසන්ව එම ස්ථානයෙන් පලා යද්දි රක්වාන ගඟට වැටීම නිසායි.
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරු වලට අනුව මොහු විවාහකයෙක්. එහෙත් මොහු සමඟ ජීවත් වන්නට බැරිව බිරිඳත් ඔහුව හැරගොස් තිබුණා.
 
මෙලෙස තනිව සිටි ඔහුට වරක් අයියලාගේ නිවසට පැමිණ සිටිද්දි දැරියගේ පියාගේ කුකුල් කොටුවේ රැකියාවක් ලැබුණා.
 
එදා ඒ අඳුරු දවසේ හවස කුකුලු ගොවිපොළ හිමියා නිවසින් පිටව ගොස් තිබුණේ යම් අවශ්‍යතාවකටයි. ඔහුගේ බිරිය එනම් දැරියගේ මව නිවසට වී සිටියේ 11 වනදා දැරියට පාසල් යන්න අවශ්‍ය සුදු ඇඳුම් මදිමින්.
 
බොහෝ මවුපියන්ට දරුවන් හදන තරම් ආසාවක් උනන්දුවක් දරුවන් රැක ගැනීම වෙනුවෙන් ඇති වන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ දරුවන් කාමාරතුරයන්ගේ ගොදුරු බවට පත්වුණා. මේ අම්මා දරුවාගේ ඇඳුම් මැද්දත් දරුවා කරන්නේ මොනවා දැයි බැලුවේ නැහැ.
 
කන්දයියා සමහර විට මේ තත්ත්වය ගැන දැන සිටින්නට ඇති. ටොෆි බලාපොරොත්තුවෙන් මාමා පසුපස ගිය පුංචි කෙල්ලට වූයේ මහා අපරාධයක ගොදුරක් බවට පත් වන්නටයි.
 
ගමේ අයගේ උදව් ඇතිව දැරිය රෝහලට රැගෙන යන අතර ඒ බව පොලිසියට දැනුම් දීගෙනම යන්නට ගමේ අයකු කටයුතු කළේ හොඳ වෙලාවටයි. නැත්තම් සැකකරු පලා යන අතර සියලු සාක්ෂි ද වැස්සෙන් විනාශ වී යනවා නියතයි.
 
දැරිය රැගෙන එන විට ඇගේ නිවසේ ඉදිරිපස දොර වසා තිබුණා. දොර තට්ටු කළ ද ප්‍රතිචාරයක් නැති වුණා. එහෙත් දැරියගේ මව නිවසේ සිටියා. ඇයට මේ සද්ද බද්දි ඇසී නැහැ.
 
දැරියට සිහි එළවා ගැනීමද එතරම් පහසු වී නැහැ. ඒ ඇය ලිංගික අතවරයකට ලක් ව ඇති බැවින් ඒ වේදනාව උසුලා ගත නොහැකි තත්ත්වයක පසු වූ නිසයි.
 
පසුව ඇයව ශල්‍ය කර්ම දෙකකට භාජනය කර තිබුණා.
 
ඇයට මේ අපරාධය කළ පව්කාරයා දැන් හිරේ ය. එහෙත් තව නොබෝ දිනකින් ඔහු ඇප මත එළියට එනු ඇති.
 
ඒ අතරතුර අර දැරිය උස් මහත් වන්නේ දැඩි කම්පනයක් හදවතේ රඳවාගෙනයි. ඒ එදා අත්විඳි කුරිරු අත්දැකීම මිය යන තුරුම දැරියගේ සිතේ රැව්පිළිරැව් දෙනු ඇති.
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 41 හැවිරිදි කාමාතුරයාට හසුවූ 5 හැවිරිදි දැරිය ලේ වගුරවමින්, සිහිසුන්ව කැලේ - රක්වාන ගමක් සලිත කළ අපරාධය Rating: 5 Reviewed By: lakmina