728x90 AdSpace

Latest News
Monday, 25 January 2021

කාන්තාවක් එක්ක කලබලෙන් ගමනක් යන්න, හෙල්මට් එකක් උස්සපු සොරාට ලැබුණ වාසිය - (video)

වලස්මුල්ල ප්‍රදේශයේ ටයර් වෙළඳසැලක් අසල තිබූ ආරක්‍ෂිත හිස්වැස්මක් සොරාගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
 
යතුරු පැදියකින් එහි පැමිණි තරුණයෙකු ආරක්‍ෂිත හිස් වැස්ම සොරාගන්නා අයුරු එහි දැක්වෙනවා.

ඒ ඔහු සමග පැමිණෙන කාන්තාවකට යතුරු පැදියේ ගමන්කිරීමට ආරක්‍ෂිත හිස්වැස්මක් නොමැති වීම හේතුවෙන්.
 
මේ අතර එම  ආරක්‍ෂිත හිස් වැස්ම තුළ තිබූ රුපියල් 19600ක මුදලක් ද අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.
 
සැකකරුවන් සොයා වළස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම අවස්ථාව පහතින්.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කාන්තාවක් එක්ක කලබලෙන් ගමනක් යන්න, හෙල්මට් එකක් උස්සපු සොරාට ලැබුණ වාසිය - (video) Rating: 5 Reviewed By: lakmina