දිනය – 2021.01.29 | අහම්බෙන් දුටු දසුනකි.
ඔහු මෝටර් රථය අතුරු පාරෙහි පසෙක සීරුවට නැවැත්වූයේ රාජකාරියක් සදහා බැස ගිය තම නිලධාරියා එනතෙක්ය..දෙනෝදාහක් ගැවසෙන,යන එන මංසන්ධියේ පිහිටි බුදු පිළිමය සහ අවට ගස්කොළ පිරී බුදු මැදුර කිළිටිවී ඇති අයුරු එමග ගමන් ගන්නවුන් නොදැක්කා විය යුතුය.
රථයෙන් බැසගත් ඔහු වටපිට බලා අසල ගොඩනැගිල්ලෙහි ආරක්ෂක නිළධාරියාගෙන් ඉදලක් ඉල්ලා ගෙන බුදු මැදුරත් අවටත් පිරිසිදු කරන්නේ සෑම දෙයම අණකින් ක්‍රියාකරන ඔහු අද සිතාමතාමය..
ඉන් නොනැවතුන ඔහු භාජනයකට අසල පයිප්පයෙන් වතුර රැගෙන විත් බුදු මැදුර සෝදා පිරිසිදු කරන්නේය…
ඔහු ඉදිරියේ කැමරා තිබුනේ නැත…ආරක්ෂක නිළධාරියාද පසුව ඔහුට සහාය වන්නේය… ගත පුරා බෞද්ධකම පිරුණවුන් නිරන්තර ගමන් ගන්නා මගෙහි,අහම්බයෙන් නැවතුන ඔහු පිළිබඳ සිතන්නට යමක් ඇති බව හැගේ..
මා ඔහුදෙස දුරසිට බලාහිද…””ඔහු”” මෙන්ම මාද නිළඇදුමක් දරණ “”සොල්දාදුවකු”””ලෙස නිහතමානීව ආඩම්බර වීමි…
(ප.ලි :- සහායවීමට යාමට අවස්ථාවක් නොමැතිව සිටියෙමි..)



