728x90 AdSpace

Latest News
Friday, 22 January 2021

කාන්තාවකට නිරුවත පෙන්වා අධිකරණයට ගිය සැකකරුගේ ඉරණම, වෙනස් වූ සාක්ෂිය නිසා විසඳුන හැටි

කාන්තාවකට නිරුවත පෙන්වා අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවේ සැකකරු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 20 වැනිදා නියම කළා.

2019 වර්ෂයේ ජූනි මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගම්පහ මාදෙල්ගමුව ප්‍රදේශයේදී ඉහත චෝදනා සිදු කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන හසිත ජයලලා නම් සැකකරුට විරුද්ධව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණා.
 
නඩු විභාගයේදී අගතියට පත් වූ කාන්තාව පරස්පර සාක්ෂි ලබා දී ඇති බවට අධිකරණයේදී සඳහන් වූ අතර එම නඩුවේ විෂයගත චෝදනාව පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් බවට තීන්දු කරමින් සැකකාර හසිත ජයලාල් අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
 
ටෝනි කරුණානායක
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කාන්තාවකට නිරුවත පෙන්වා අධිකරණයට ගිය සැකකරුගේ ඉරණම, වෙනස් වූ සාක්ෂිය නිසා විසඳුන හැටි Rating: 5 Reviewed By: lakmina