728x90 AdSpace

Latest News
Friday, 29 January 2021

අනියම් පෙම්වතා සමග යන බිරියව සැමියා මහමග දී දකී..මහ පාරේම ප්‍රහාර..ගෙදර ගිය බිරියගේ ගෙළ කපා දමයි

සැමියා විසින් තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කල පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වුනා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව, මහපතන, සෙල්ලිපිගම ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

ඉකුත් 27 දින පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා විසින් බිරිඳගේ ගෙලට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පසුව සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් සිද්දිය පිළිබඳව ඊයේ (28) සැකකරු පොලිසියට දැනුම් දී ඇත.

පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ බිරිද කලක පටන් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවයක් නිසා මෙම ඝාතනය සිදු කල බවයි.

ඝාතනය සම්බන්දයෙන් වැඩිදුරටත් පාපොච්චාරණය කල සැකකරු වැඩි දුරටත් පවසා ඇත්තේ බිරිද පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවය නවත්වන ලෙසට අවස්තා කිහිපයකදී අවවාද කර තිබුණත්, එම අවවාද නොතකා ගිය (27) බිරිද ඝාතනය වු දින උදැසන නාවලපිටිය ප්‍රදේශයේදි අනියම් පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අයුරු තමා දුටු බවයි.

එම අවස්තාවේ සැකකරු විසින් බිරිදගේ අනියම් පෙම්වතාට සහ බිරිදට පහර දුන් බවත් එදින සවස නිවසට පැමිණි අවස්තාවේ එම සිද්ධිය පදනම් කරගෙන ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු බිරිදගේ ගෙල කපා ඝාතනය කල බවටයි වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් පෙම්වතා සමග යන බිරියව සැමියා මහමග දී දකී..මහ පාරේම ප්‍රහාර..ගෙදර ගිය බිරියගේ ගෙළ කපා දමයි Rating: 5 Reviewed By: lakmina