728x90 AdSpace

Latest News
Thursday, 1 April 2021

දෙනෝදාහක් ඉදිරියේ පැරණි පෙම්වතාගෙන් ගුටිබැට කෑ තරුණියට පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි, අවට සිටි අය සිද්ධිය වීඩියෝ කරමින් ඉඳලා

මතුගම නාගොඩ මාර්ගයේ බෝඹුවල පාලම අසල දී ඊයේ (31) උදේ 7.15ට පමණ තරුණයකු විසින් තරුණියකට අමානුෂික ලෙස පහර දෙමින් සිටින අන්දම දුටු එම මාර්ගයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයකු වහා ක්‍රියාත්මකවී එම තරුණිය මුදාගෙන කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව දකුණු කළුතර පොලිසිය පවසයි.

පහර දුන් තරුණයා තරුණියගේ පරණ පෙම්වතා බව ද කියයි.

පහරකෑමට ලක්ව තුවාල ලබා නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන 24 හැවිරිදි තරුණිය කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පහර කෑමට ලක්වූ තරුණිය මුදාගෙන රෝහල් ගත කර ඇත්තේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් ඒ.එම්. නිරෝෂන් මිහිකැලුම් මායාදුන්නේ මහතා බව ද ඔහු කීය.

පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට රාජකාරියට වාර්තා කිරිමට ඊයේ උදේ යතුරුපැදියෙන් යමින් සිට ඇත.

බෝඹුවල පාලම අසල දී තරුණයකු තරුණියකට අමානුෂික ලෙස පහර දෙමින් සිටින අන්දමත් පිරිසක් එතැනට රොක්වී එම පහරදීම ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින අන්දමත් පොලිස් කොස්තාපල්වරයා දැක තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා වහා ක්‍රියාත්මකවී තරුණිය මුදාගත් අවස්ථාවේ පහර දෙමින් සිටි තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. පහරදීම ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින අන්දමත් පොලිස් කොස්තාපල්වරයා දැක තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

පොලිස් කොස්තාපල් නිරෝෂන් මහතා වහා ක්‍රියාත්මකවී තරුණිය මුදාගත් අවස්ථාවේ පහර දෙමින් සිටි තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දෙනෝදාහක් ඉදිරියේ පැරණි පෙම්වතාගෙන් ගුටිබැට කෑ තරුණියට පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි, අවට සිටි අය සිද්ධිය වීඩියෝ කරමින් ඉඳලා Rating: 5 Reviewed By: lakmina