728x90 AdSpace

Latest News
Thursday, 1 April 2021

බිරිඳගේ හොරේ අතටම අහුවෙලා, ඇයවත් ඇගේ අනියම් සැමියාවත් අමු අමුවේ ඝාතනය කර පරලොව යැවූ නලින්ගේ පාපොච්චාරණය

තම බිරියට සහ ඇගේ අනියම් සැමියාටත් බිරියගේ මවටත්, පුංචි අම්මාටත් පොලුවලින් පහර දී අනුරාධපුර ගල්කුලමේදී සිවු පුද්ගල මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඉදිරියේ අනුරාධපුර මහාධිකරණයේදී අධි චෝදනා හතරක් වෙන් වෙන් වශයෙන් භාරදෙනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ මහතා විසින් එම චෝදනා භාර දෙනු ලැබීය.

ඒ අනුව මෙම සිවු පුද්ගල ඝාතන නඩුව ලබන ජුනි මස 23 වැනි දින ප්‍රථම වරට විභාගයට ගැනීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එදිනට සාක්ෂි ලබාදීම සඳහා මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු දෙවැනි සහ තුන්වැනි සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.

මෙම සිවු පුද්ගල ඝාතන සඳහා මෙලෙස අධිචෝදනා ලැබ සිටින්නේ අනුරාධපුර ගල්කුලම පහළ කීරික්කුලම ලිපිනයේ එම්. නලීන් සංජීව නමැති හිටපු යුද හමුදා සෙබළෙකි.

2010 වසරේ පෙබරවාරි මස 2 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ගල්කුලමේදී සිය බිරිය වන ශකිලා හංසමාලි, ඇගේ අනියම් සැමියා වන කේ.එම්. සම්පත් අනුරසිරි, බිරියගේ මව වන ටී.බී. අනුලාවතී සහ පුංචි අම්මා වන ටී.බී. පද්මිණි යන සිවුදෙනාට පොලුවලින් පහර දී මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකළ බවට මෙම විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් අධි චෝදනා හතරක් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.

විත්තිකාර හිටපු යුද හමුදා සෙබළා සක්‍රිය යුද හමුදා සේවයේ යෙදී සිටියදී මෙම වරද සිදුකර ඇති බව අපරාධය සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ මහතා සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පෙනී සිටියේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස
මව්බිම පුවත්පත...
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බිරිඳගේ හොරේ අතටම අහුවෙලා, ඇයවත් ඇගේ අනියම් සැමියාවත් අමු අමුවේ ඝාතනය කර පරලොව යැවූ නලින්ගේ පාපොච්චාරණය Rating: 5 Reviewed By: lakmina