728x90 AdSpace

Latest News
Thursday, 8 April 2021

SPA එකේ හිටපු කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරපු, ඒ SPA එකේම හිටපු කාන්තාවක් කරපු කැත වැඩේ

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරත තරුණ සම්බාහන කරන්නියන් පිරිසකගේ නිරුවත් වීඩියෝ පටයක් ලබාගෙන වෙනත් කාන්තාවක් මඟින් අන්තර්ජාලයට මුදාහැරි එම සම්බාහන මධ්‍යස්ථානයේම කාන්තාවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (7දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය සැකකාරිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් නිලධාරීන් අදාළ වීඩියෝව සහිත ජංගම දුරකථනය හා මුහුණු පොතෙහි පළවූ වීඩියෝව පරීක්ෂණ සඳහා සොයා ගෙන තිබේ.

තිස් හැවිරිදි මෙම තරුණ සම්බාහන කරන්නිය මීට සති කිහිපයකට ඉහතදී වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි කාන්තාව මඟින් සම්බාහන මධ්‍යස්ථානයට සම්බන්ධ වී එහි සේවයට ගොස් ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබිණි.

ඇය සම්බාහන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටියදී විවේකාගාරයේ තිසර පටය පමණක් ඇඳසිටි කාන්තාවන් තිදෙනකුගේ වීඩියෝවක් ජංගම දුරකථනය මඟින් පටිගත කර පසුව මිතුරු කාන්තාවට වට්ස්-ඇප් තාක්ෂණය ඔස්සේ දී තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

සැකකාර තරුණ කාන්තාව තමා එම ස්ථානයේ සේවයට යොමුකළ මිතුරු කාන්තාවට තමන් රැකියාවට යෙදවූ ස්ථානය පිළිබඳව කිසිදු තෘප්තියක් නැති බවත් මේවා ඇතුළේ ගෑනු ඉන්න හැටි බලාගන්න යනුවෙන් පවසමින් වීඩියෝව යවා තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

වීඩියෝව සංස්කරණය කර කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදාහැරි තරුණියගේ මිතුරිය අදාළ සම්බාහන ආයතනයේ ගණිකාවන් සිටින බව පවසමින් කළමනාකාරිත්වයේ දුරකථන අංකයක් යොදා ඇති බව පරීක්ෂණ කළ පොලිසියට තහවුරු කර ගැනීමට හැකිවී තිබේ.

අදාළ සම්බාහන කරන්නියන් මේ දිනවල ප්‍රදේශයේ තිබෙන අධික රස්නය නිසා තමන්ට පෞද්ගලිකව වෙන්කර තිබූ විවේකාගාරයේ නිරුවතින් සිට ඇති බවත් ඔවුන් වෙනත් කිසිදු කටයුත්තක නිරතවී නොමැති බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවය කරන අයකු බව අනාවරණය විය.

සැකකාරිය ඊයේ (7දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සංස්කරණය කළ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරි කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙනම පරීක්ෂණයක් කරයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා පී. යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: SPA එකේ හිටපු කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරපු, ඒ SPA එකේම හිටපු කාන්තාවක් කරපු කැත වැඩේ Rating: 5 Reviewed By: lakmina