728x90 AdSpace

Latest News
Thursday, 8 April 2021

“..එහෙම උනොත් හබරණ කැලේ බස්සලා යන්නෙ..පෙරේදත් එකෙක් බැස්සුවා..” - බස් එකේදී කාන්තාවකගේ උරහිසේ හිස ගසා ගත් තරුණයාට බස් කොන්දොස්තරවරයා දීපූ අපූරූ දඬුවම

ලංකාව ගැන "එකෝමත් එක කතාවක්" කියන්න පටන් ගන්න හැම වෙලාවකම අපි මේ පුංචි මුතු ඇටය ඇතුළේ ඉන්න මහා වටිනා කියන උනුන් ගැන උදම් අනනවා. ඒත් ඇත්තටම..... ඒ මුතු අහුරු ඇතුළේ හැංඟිච්ච අමනුස්සකම පිරුණු මිනිසුන් ද නැතුවා නොවේ.

මේ අපිට මුහුණූ පොතෙන් හමුවුණු කතාවක්... බස් රථයේදී කාන්තාවන්ට හිරිහැර කරන තරුණයෙකුට අපූරූ පාඩමක් ඉගැන්වූ කොන්දොස්තරවරයෙකු ගැනයි මේ කතාව....

මම මේ මෑතක දවසක දෙහිඅත්තකන්ඩියෙන් රෑ 9.30ට තියෙන බස් එකේ කොළඹ ගියා..
බස් එකේ කොන්දොස්තර මහත්තයා හොදටම අඳුරන් නැති උනත් පොඩි අයියා කතා කරලා සීට් තුනක් තියන්න කියලා කියලා තිබුන නිසා තියලා තිබුනා..
බස් එක කදුරුවෙල විනාඩි 10ක් විතර නතර කරනවා..අපේ අයියායි මායී ගෙවල් ළඟ නංගී කෙනෙකුයි තමයි ගියේ..අයියා බස් එකෙන් බැහැලා හිටියෙ අර නංගී මායී කතාවක් දාගෙන හිටියා..ඔන්න එතකොට මැදි වයසෙ වගේ මනුස්සයෙක් ඇවිත් මගෙන් ඇහුවා
"නංගී මෙතන කවුරුත් ඉන්නවද..?"
මමත් ඉතින් "ඔව් අපේ අයියා ඉන්නවා..එයා පොඩ්ඩක් එලියට ගියා" කියලා කිව්වා..
ඊට පස්සෙ ඒ පිරිමි කෙනා අපිට ඉස්සරහා සීට් එකේ ඉදගත්තා..එතන එතකොටත් හිටියේ අවුරුදු 30 - 35ක් විතර වෙන ගෑණු කෙනෙක්..මේ මනුස්සයා දැන් අර ගෑණු කෙනාගෙ කරටම නිදි කිරා වැටෙනවා වගේ..ඉදගත්ත ගමන්ම..
ඒ ගෑණු කෙනා එහාට එහාට යනවා..මූත් අරන් නෑ බෙල්ල කඩා වැටෙන්නෙම අර ගෑණු කෙනාගෙ උරහිසටමයි..
මම ඕක අපේ අයියාට පෙන්නලා කිව්වා අර බලපංකෝ අරූ ඉදගත්ත ගමන් නිදි ඕයී..ඌට මේ ටිකේම මලගෙවල්ද කොහෙද සෙට් වෙලා තියෙන්නෙ..පව් නිදාගන්න වෙලාම නෑද කොහෙද කියලා...
අර ගෑණු කෙනා ඉස්සරහා සීට් එකෙන් ඔලුව තියාගත්තා බැරිම තැන..ඒ පාර මූත් ඉස්සරහා සීට් එකෙන් ඔලුව තියාගෙන..ඒ ගෑණු කෙනා බැන්නවත් නම් අපිටත් කියන්න තිබුනා..ඒත් ඒ ගෑණු කෙනා මොකුත්ම කීවෙත් නෑ..
ඔතනින් කොන්දොස්තර මහත්තයා දෙපාරක් එහාට මෙහාට ගියා.ඔය අතරේ කොන්දොස්තර මහත්තයාටත් වැඩේ චෙක්..
කොන්දොස්තර මහත්තයා ටික වෙලාවක් බලාගෙන ඉදලා අර මනුස්සයාට කතා කරලා කිව්ව
"බස් එකේ ගියාට කමක් නෑ..අනම් මනම් බෑ..එහෙම උනොත් හබරණ කැලේ බස්සලා යන්නෙ..පෙරේදත් එකෙක් බැස්සුවා..අපි බස්සලා ගියොත් මෙතනින් පස්සෙ එන බස් එකකටවත් ගන්නෙත් නෑ...!" කියලා..අඩේ අරූගෙ නිදිමත කොහෙන් ගියාද නෑනේ ඊට පස්සේ..කොච්චර මෙල්ල උනාද කිව්වොත් ආයේ නිදිකිරා වැටෙනවා දැක්කෙම නෑ...
මටයි මාත් එක්ක ගිය නංගිටයි කොන්දොස්තර මහත්තය දකින දකින ගානේ හිනා යනවා..
ටිකකින් අපේ අයියා එක්ක කතා කරනගමන් කිව්වා මීට කලින්නුත් හැමදාම වගේ බස් එකටම ඔහොම එකෙක් හරි ඉන්නවලු..
දැන් මට තිස්ස කිව්වාම මතක් වෙන්නෙ මුවාව..හබරණ කැලේ කිව්වාම මතක් වෙන්නෙ දෙහිඅත්තකන්ඩිය - කොළඹ 9.30 බස් එකේ කොන්දොස්තර මහත්තයාව...
(ප.ලි = ඔබත් හබරන පහු කරලා රාත්‍රියේ යන බස් එකක කොන්දොස්තර මහතෙකු හෝ රියදුරෙක්නම් ඔබගෙ බස්රියටත් ඒ වගේ සාපයක් පත බෑව්නොත් හබරණ කැලේ බස්වා යනබව අනතුරු අගවන්න.එසේත් කියා ඵලක් නැතිනම් දෙපාරක් නොහිත හබරණ කැලෙන් බස්සවා යන්න..)

මෙම ලිපියේ උපුටා ගැනීම "නදී තේනුවර"ගේ ෆේස්බුක් පිටුවෙන්...
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “..එහෙම උනොත් හබරණ කැලේ බස්සලා යන්නෙ..පෙරේදත් එකෙක් බැස්සුවා..” - බස් එකේදී කාන්තාවකගේ උරහිසේ හිස ගසා ගත් තරුණයාට බස් කොන්දොස්තරවරයා දීපූ අපූරූ දඬුවම Rating: 5 Reviewed By: lakmina