728x90 AdSpace

Latest News
Wednesday, 7 April 2021

කවුරුත් කතා නොකරන උසස් පෙළ A 3 ක් ලැබූ විවාහක රූ රැජින තරඟයේ දෙවනියා වූ මන්ත්‍රී බිරිඳ ආශා - (photos)

මතභේදාත්මක සිද්ධියකින් අවසන් වූ විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කළ පුෂ්පිකා ද සිල්වා මෙන්ම පසුව ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැළඳු ආශියා බස්නායක පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ.

එහෙත් මින් ආශියා බස්නායක පිළිබඳව තොරතුරු බොහෝ දෙනෙකු නොදන්නා අතර ඇය හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ තාරානාත් බස්නායක මහතාගේ බිරිඳ බව පමණක් ප්‍රකාශයට පත් වී තිබේ.

මේ ආශියා බස්නායක පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු කිහිපයකි.

ආශියා බස්නායක නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවක වන අතර අපොස උසස් පෙළ A සමාර්ථ තුනක් ලබා ගත් ඉගෙනීමට අතිදක්ෂ කෙනෙකි.

උසස් පෙළ ඉතා විශිෂ්ට ලෙස සමත් වුවද සරසවියට යෑම පැත්තක තැබූ ඇය පාසල් දිවියට සමු දීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ රැකියාවකටත් ඉන්පසු ගුවන් සේවිකාවක ලෙස රැකියාවක නියුක්ත වූ වෘත්තීයමය වශයෙන් විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ලැබූ තැනැත්තියකි.

මේ වන විට තිදරු මවක් වන ඇය සැබෑ ලෙසම මවකගේ වගකීම හා යුතුකම ඉටු කරන කෙනෙක් ලෙස ඇය පිළිබඳව දන්නා අය හඳුන්වයි.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කවුරුත් කතා නොකරන උසස් පෙළ A 3 ක් ලැබූ විවාහක රූ රැජින තරඟයේ දෙවනියා වූ මන්ත්‍රී බිරිඳ ආශා - (photos) Rating: 5 Reviewed By: lakmina