මට හරි සතුටුයි.. ගිය මාස හයට වඩා මේ මාස හයේ මේ පොලිස් වසමේ ක්‍රයිම් රේට් එක අඩුවෙලා. ගිය මාසේ මර්ඩර් දෙකයි. රොබරි අටයි. සොරකම් හයයි..
මේ මාස හයටම එක මර්ඩර් එකක්වත් රොබරියක්වත් රිපෝට් වෙලා නෑ.
ටවුන් එකේ එක කඩයක් විතරක් කඩලා තියෙනවා. රෑටත් පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න. එතකොට ඒවත් අඩු කරගන්න පුළුවන්.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අමතා එසේ කියද්දී ඔහුට ආචාර කළ පොලිස් පරීක්ෂක නාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දුන් උපදෙස් අකුරටම පිළිපදින බව සනාථ කළේය.
එම උපදෙස් පන්තිය දිගටම පැවැත්වෙද්දී පොලිස් පරීක්ෂක නාත්ගේ ජංගම දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ලැබෙන්නට වූ අතර ඉන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ කතාවට යම් තරමක බාධාවක් ඇති විය.
ජංගම දුරකථනය විසන්ධි කර ගැනීමට පොලිස් පරීක්ෂක නාත් ඒ මෙහොතේම කටයුතු කළේ සෙසු නිලධාරීන්ද ඔහු දෙස බලා සිටි බැවිනි.
නාත් ඔය ෆෝන් එක ඕෆ් කරන්න. ඩිවිෂන් මහත්තයා කැමති නෑ එයාගේ ක්ලාස් එක වෙලාවේ නිලධාරීන්ට කෝල් එනවට.
ඉදිරිපස අසුනක සිටි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම පසුපසට හැරී නාත්ට එසේ කියද්දී නාත් කීවේ ඕකේ චීප් මම ෆෝන් එක ඕෆ් කරගත්තා යැයි කියායි.
තව මොහොතකින් උපදෙස් පන්තිය අවසන් විය. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුන් පැමිණි නිල වාහන වෙත කැඳවාගෙන යන අතරතුර පොලිස් පරික්ෂක නාත් සිය කාර්යාලය වෙත ගමන් කළේ අක්‍රීය කළ සිය ජංගම දුරකථනය නැවත සක්‍රීය කරමිනි.
ඒ ක්ෂණයකින් මිස් කෝල් ඇලර්ට් සැලකිය යුතු සංඛයාවක් නාත්ගේ දුරකථනයේ තිරයේ සටහන් විය. ඒ එකම අංකයකින් පැමිණි ඒවාය.
කව්ද මේ..? මම දන්න කියන නම්බර් එකක්නම් නෙවෙයි. පොලිස් පරීක්ෂකවරයා තමාටම එලෙස කියා ගත්තේ ජංගම දුරකථනයේ තිරය මත දිස්වන අංකය දෙස විමසිලිමත්වන අතරතුරය.
ඒ මොහොතේ ඔහුට එම අංකයෙන් යළිත් ඇමතුමක් ලැබුණි.
හෙලෝ සර්... අයියෝ ඔයාට කෝල් කීයක්නම් ගත්තද..? අපි මෙතනට ඇවිල්ලා මිනිත්තු 45 කට වැඩියි. දැන්ම එන්න පුළුවන්ද..?
අපි ඉන්නේ ටවුන් එකේ ඔරලෝසු කණුව ළඟ. ඈෂ් කලර් වෑන් එකක.
මෙතන පාකින් බැහැ. පොලිසියේ දෙන්නෙකුත් දැන් වෑන් එක දිහා බල බල ගියා. අපිව අහුවෙයිද දන්නෙත් නෑ. ඉක්මනට එන්න සර්.. ආ ඒක නෙවෙයි ලස්සනම ලස්සන ගර්ල්ස්ලා හය දෙනෙක්ම ඉන්නවා. ඔයා ඕඩර් කළේ දෙන්නයිනේ.. ඔන්න කැමති දෙන්නෙක්ව සිලෙක්ට් කරන්න. ඉතිං සර් ඉක්මනින්ම එන්න. වැඩිවෙලා අපිට මෙතන ඉන්න බැහැ. පොලිසිය අහුවුණොත් අපි ඔක්කොම ඉවරයි.
කාන්තා කටහඬකන් එසේ තමාට ලැබුණු එම දුරකථන ඇමතුම විසන්ධි වෙද්දී පොලිස් පරීක්ෂක නාත් තක්කුමක්කු වූයේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ලැබුණු එම ඇමතුම ගැන සහ එය දුන් තැනැත්තිය ගැනය.
එහෙත් කිසිදු ජාවාරමක් සිදු කරන පිරිසක් වැරදී දුරකථන අංකයට ඇමතීමේ ප්‍රතිඵලයක් ලෙස තාමට මේ ඇමතුම ලැබුණා දැයි ඔහු කල්පනා කළේය.
කලබල නොවූ පොලිස් පරීක්ෂකවරයා වහාම ගියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවීමටය.
තමන්ට මේ දැන් ලැබුණු දුරකථන පණිවුඩය ගැන පොලිස් පරීක්ෂක නාත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අකුරක්නෑර විස්තර කළේය.
කේස් එකක් ඇවිත්..
ඇගේ හැප්පිලා වගේ. ටීම් එකක් අරගෙන යන්න නාත් ඉක්මනට. සිවිල් වාහනයක් ගත්තොත් හොඳයි. පොලිස් වාහනයක ගියොත් පැනලා යන්න පුළුවන්.
තම මිතුරෙකුගේ කාරයක් සුළු මොහොතකට ගෙන්වා ගත් පොලිස් පරීක්ෂකවරයා ඊට වහාම ගොඩවෙද්දී සිවිල් ඇදුමින් සැරසුණු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුද සිය මෝටර් බයිසිකල්වලට ගොඩවූයේ නගරය බලා යාමටයි.
පොලිස් පරීක්ෂක නාත් සිවිල් ඇදුමින් සැරසී සිටියේ කිසිවෙකුට තමා පොලිස් නිලධාරියෙකු බව සිතා ගැනීමට නොහැකි ලෙසය.
මිතුරාගේ කාරයේ යන අතරේ ඔහු තමන්ට ලැබුණු දුරකථන පණිවුඩයේ සඳහන් ඇමතුමක් ගත්තේය.
හලෝ ඔයාලා කොහේද..? ඔහු විමසුවේය.. ආ සර් අපි ඔර්ලෝසු කණුව ළඟ ඉඳන් මීටර් පන්සීයක් විතර ඉස්සරහට ආවා. එතන ඉන්න බෑ සර්.. ට්‍රැෆික්.. දෙන්නෙක් ඉන්නවා.. අපිට බයයි අප්පා.. අපි දැන් වාහනේ නවත්තගෙන ඉන්නේ පබ්ලික් ග්‍රවුන්ඩ් එක ළඟ.
සර් ඔයා එතනට එනවද..?
නාත්ගේ ඇමතුමට පිළිතුරු දුන් කාන්තාව පැවසුවේ එවැනි කතාවකි.
පොලිස් පරීක්ෂක නාත් රැගත් කාරය නගරයේ පොදු ක්‍රීඩාංගණය අසලට ලංවෙද්දී අළු පැහැති වෑන් රියක් ඒ අසල නවත්තා තිබෙනු ඔහුට නිරීක්ෂනය විය.
වෑන් රථයට මදක් ඈතින් නතර කළ කාරයෙන් ඉවතට ආ පොලිස් පරීක්ෂකවරයා වෑන් රථය දෙසට ගමන් කරද්දී එහි ඉදිරිපස අසුනෙන් බිමට බැස්සේ සුරූපී කාන්තාවකි.
සර්.. මම අනෝමා.. මම තමයි දැන් ඔයාට කතා කළේ.. ඔන්න ඔයා කියපු විදිහට කෙල්ලෝ හය දෙනෙක්ම ගෙන්නුවා. කැමති දෙන්නෙක් තෝරා ගන්න.
ගාණ මම කලින් කියලා ඇතිනේ.. දැන් ඇඩ්වාන්ස් එකක් ඕනේ.. ඉතිරි ඒවා රූම් එකට ගියාට පස්සේ ගර්ල්ට දෙන්න..
වෑන් රියේ එක් පැත්තක දොරක් විවෘත කළ අනෝමා පොලිස් පරීක්ෂක නාත්ට පෙන්වූයේ එහි අසුන් ගෙන සිටින සුරූපිනියන් හය දෙනෙක්.
නාත් ඔවුන් සියලු දෙනා දෙස විමසිලිමත් වෙද්දී ඔවුන් නාත් සමග සිනාසුණේ ඔහුගේ තේරීමට තමන්ද ඇතුලත් කරගන්නා ලෙස ඉල්ලා සිටින අයුරකිනි.
සිදුවී ඇති නොත්ට දැන් හොඳින්ම පැහැදිලිය.
ඉතිරි වී ඇත්තේ මේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන යෑම පමණි.
නාත්ගේ සංඥාවත් සමග එතැනට පැමිණි සිවිල් ඇදුමින් සැරසී සිටිපොලිස් නිලධාරීන් වෑන් රථය වටලද්දී මේ බව දැනගත් රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් එතැනට පැමිණියේ ක්ෂණිකවය.
සුරූපිණියන් හය දෙනා ජාවාරම්කාරිය සහ රියදුරු බියපත්ව සිටියදී වාහනය තමන් භාරයට ගත් පොලිස් නිලධාරීන් එය පොලිසියට රැගෙන ගියේ ඒ මොහොතේමය.
තමන් පොලිසියට කෙසේ කොටුවූවාදැයි ජාවාරම්කාරිය වන අනෝමාට ඒ වනවිටත් සිතාගත නොහැකිව සිටියාය.
පොලිසියට කැදවා ගෙන ආ සුරූපී තරුණියන් හය දෙනා සහ ජාවාරම්කාරිය පොලිස් නිලධාරීන් ලවා පරීක්ෂා කරවන අතරතුර එක් නිලධාරිනියක් පොලිස් පරීක්ෂක නාත් වෙත පැමිණියේ කලබලයෙන්. ලැජ්ජාවෙන් යුතුවය. ඈ කතා කළේද ලැජ්ජාවෙනි.
සර් මාර වැඩේ... මෙයාලා ගෑණු අය නෙවෙයි.. පිරිමි අය ගෑණු විදිහට අන්දලා මේකප් කරලා පිටින් බැලුවම කිසිම කෙනෙක්ව හොයාගන්න බෑ. අපි මෙයාලව සර්ච් කරන්න හදනකොට ඔක්කොම විස්තරේ අපිට කිව්වා යැයි ඈ කීවේ තමන් මුහුණ පෑ අත්දැකීම් විස්තර කරමිනි.
නාත් සහ සෙසු නිලධාරීන් මුහුණට මුහුණ බලාගත්තේ මේ සුරූපීණියන් සියලු දෙනා පිරිමි අය බව ඒ මෙහොතේ දැන ගැනීමත් සමගය.
මේ ජාවාරම කරගෙන ගිය ජාවාරම්කාරිය වන අනෝමාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඒ අනුවය.
සර් මේ අය පිරිමි තමයි.. ඒත් හොයාගන්නවත් බැරි තරමට එයාලා ලස්සනයි. ගෑණු ළමයි වගේමයි. ඒ අයගේ හැසිරීම කතා බහ අදින පළදින විදිහ ඒ අයත් කැමැත්තෙන්මයි මේකට ඉදිරිපත් වෙන්නේ. සාරි, ගවුම් ජින්ස් අන්දලා මේකප් කළාම එයාලාපිරිමි කියලා කාටවත්ම හොයා ගන්නම බැහැ.
මෙයාලා පිරිමි වුණත් මේ වගේ අයට ලොකුම ඉල්ලුමක් තියෙනවා සර්..
අපි එක්කෙනෙක්ව කස්ටමර්ට දාන්නේ රුපියල් හත්දාහකට. රුපියල් දෙදාහක් කෙල්ලට දෙනවා. කස්ටමර් කාමරේට ගෙවන්න ඕනේ.. ෆුල් නයිට් එකකට රුපියල් දාහයි.
පැයකට දෙකකට තමයි රුපියල් හත්දාහක් ගන්නේ. අපි මෙයාලා ගර්ල්ස්ලා කීවම කස්ටමස්ලා දන්නවා එයාලා ගැන.
මෙයාලා අපිට දාලා තියෙන්නෙත් ගෑණුනම්.. එයාලා එහෙම කතා කරනවට කැමතියි.
මධූ මෙහේ එන්න.. මේ සර් විස්තර වගයක් අහනවා ඔයාගෙන්. ඔයා දන්න දේවල් ඔක්කොම මේ සර්ට කියන්න. ජාවාරම්කාරිය වන අනෝමා දුන් නියෝගයෙන් පොලිස් පරීක්ෂක නාත් ඉදිරිපිට පෙනී සිටි පිරිමි රූමතිය මධූය.
මධූ කී කතාව අසාගෙන සිටි පොලිස් නිලධාරීන් විමතියට සංවේගයටත් පත්වූහ. ඇය සාරියකින් සැරසී සිටියාය. ඇගේ පිටප්‍රදේශය දක්වා කෙස් කළඹ වැවී තිබිණි.
සර් මම මධූ මගේ අයිඩෙන්ටියේ තියෙන්නේ විපුල කියන නම. මට ගමේ ගර්ල් කෙනෙක් හිටියා. අපි මැරි කරන්නයි හිටියේ.. ඒත් මගේ මේ වනස එයාට දැනුනට පස්සේ එයාගේ යාළුවෝ එයාට විහිළු කළා.
උඹ කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් නේද කසාද බදින්න හිතාගෙන ඉන්නේ කියලා.
ඊට පස්සේ එයාට ඒකට ලැජ්ජා හිතුණා. දවසක් එයා මාව හම්බවෙන්න ඇවිල්ලා අඩලා අඩලා ලොකු විස්තරයක් කියලා ගියා. එදා එයා ගියා ගියාමයි ආපහු එයා මට කතා කළේ නෑ.. මාත් එයාට කතා කළේ නෑ.. එයාට දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.
මම කෙල්ලෙක් වගේ කියලා ගමේ ඇන්ටි කෙනෙක් මට මනමාලියන්ට අන්දන්න හුරුපුරුදු කළා.
මම ඊට පස්සේ කෑම හැදුවා. මල් වැව්වා.. ගෑණු අය කරන හැමදෙයක්ම කළා.. ගෑණු අය විදිහට අදින්න පලදින්න පටන් ගත්තා. මට ඒ නිසා හැමෝම කිව්වේ මධූ කියලා.
දවසක් පාරෙදි දැනහදුන ගත්ත අයියා කෙනෙක් මාව එයාගේ ඇනෙක්ස් එකට ආවා. මාස දෙකක් විතර මම එහේ හිටියා. ඒ අයියා මට හුගක්ම ආදරෙයි.
අපි දෙන්නා එහෙම ජීවත්වෙන අතරේ එයාගේ නෝනා ළමයවත් අරගෙන එයාව හොයාගෙන අර ඇනෙක්ස් එකට ආවා. ඒ වෙලාවේ අයියා ගෙදර හිටියේ නෑ.. අයියගේ වයිෆ් මාව අල්ලගෙන හොඳටම ගැහුවා. ඒත් එයා අදටත් දන්නේ නෑ මම බෝයි කෙනෙක් කියලා.. එහෙම ඉන්නොකට තමයි මේ මැඩම්ට මාව සෙට් වුණේ. ඒ මනමාලියන්ට අන්දන මම වගේම කෙනෙක්ගෙන්.
මට මැඩම් අනෝමාගෙන් මේවාගේ ඩීල් එකක් ගියාම රුපියල් දෙදාහක් හම්බ වෙනවා..
මම හිතාගෙන හිටියේ මේ වැඩේ තව ටික කාලයකදි නවත්තලා මනමාලියන්ට අන්දන කෑම උයන වගේ තැනක් අලුතෙන් පටන් ගන්න.
මධූ පොලිස් නිලධාරීන් හමුවේ හෙළි කළේ එවැනි කතාවකි.අත්අඩංගුවට ගැණුනු සෙසු සුරූපී පිරිමින්ද කීවේ එවැනිම කතාය.
පොලිස් පරික්ෂක නාත්ගේ ජංගම දුරකථනයට ජාවාරම්කාරිය වන අනෝමා කතා කළේ කෙසේද යන්න විමර්ශනය කළේ ඉන් අනතුරුවය.
අනේ සමාවෙන්න සර්.. මට මේ ඩීල් එක ලැබුණේ පෙරේරා කියලා සර් කෙනෙක්ගෙන්.. එයාට බිස්නස් ගොඩක් තියෙනවා.. එයාගේ ටෙලිෆෝන් නම්බර් එකට මගේ මේ ෆෝන් එකේ ගහගෙන තියාගෙන ඉන්නේ. එක අංකයක් වැරදියට.. ඒ නිසා තමයි සර්ට මේ කෝල් එක ඇවිල්ලා තියෙන්නේ.
ජාවාරම්කාරිය තමාට සිදුවූ අත්වැරැද්ද පොලිස් පරීක්ෂක නාත් හමුවේ විස්තර කළේ එලෙසය.මේ පිරිස වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල අංශ වෙත භාරදීමට පියවරගැණිනි.
උපුටා ගැනීම - අමල් රණබාහු - මාංචු පුවත්පත